අවමංගල්‍ය චාරිත්‍ර.. ඥාතීන් විසින් සිරුර ලබාගත් පසු ඔවුන්ගේ | 👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈
අවමංගල්‍ය චාරිත්‍ර..
ඥාතීන් විසින් සිරුර ලබාගත් පසු ඔවුන්ගේ වත්කම් අනුව එය මිනිස් සිරුරක හැඩයට සකස් කළ ගල් හෝ ලී පෙට්ටියක බහාලනවා.
අවමංගල්‍ය උත්සවය ප්‍රසිද්ධියේ සිදුකරන්නක් වන අතර, එකල මුදල් ගෙවූ පසු හඬා වැලපෙන කාන්තාවන් ද සිටි බව හෙරඩෝටස් සඳහන් කරනවා.
අවමංගල්‍ය උත්සවයෙන් පසු පොහොසතුන් සහ වැදගතුන් මෙම දෙණ සොහොන් ගෙයක තැන්පත් කරන්නේ “ශාබ්ති” නම් බෝනික්කන් වර්ගයකුත් සමඟයි. මියගිය තැනැත්තා මරණින් අවදි වූ පසු මන්ත්‍රයක් ජපකර මේ බෝනික්කන්ට ප්‍රාණය ලබා දෙන අතර, ඉන්පසු සදාකාලිකවම ඔහුගේ සියළු කටයුතු ඔවුන් විසින් සිදුකරනු ලබන බව ඊජිප්තු විශ්වාසය වුණා.
එසේම මරණින් පසුවට අවශ්‍ය වන ආහාර පාන, ඇඳුම්, සහ ආයුධ ආදියද මේ සමඟම තැන්පත් කෙරුණා. තවත් අවසන් චාරිත්‍ර කීපයකින් පසු සිරුර සොහොන් ගෙය තුළ තබා, වසා ඥාතීන් නික්මයනවා.
මේ මමිකරණය අති සාර්ථක සංරක්ෂණ ක්‍රමයක් බව කිව යුතුයි. මෙතෙක් හමුවී ඇති ඇතැම් මමී වසර 3,000කටත් වඩා කාලයක් සුරක්ෂිතව තිබීම එයට සාක්ෂියක් ලෙස සලකන්න පුළුවන්.
පසුකලෙක ඊජිප්තුව මුහුණදුන් සතුරු ආක්‍රමණත්, වැසියන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටීමත් සමඟ මෙම සිරිත අභාවයට ගිය බව විශ්වාස කළ හැකියි.
මූලාශ්‍රය - https://archive.roar.media/amp
#HORROR_HOUSE_FAMILY