නව යොවුන් වියේදී දැනගත යුතු කරුණු (3 කොටස) ස්වයං වින්දනය ස්වාභාවිකද?
ඔව්.
ස්වයං වින්දනය අපගේ ලිංගික අත්දැකීම් වල කොටසක්. තමන්ගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීම ස්වය වින්දනයයි. ස්වයං වින්දනය අස්වාභාවික හෝ සෞඛ්‍යයට අහිතරක දෙයක් නොවේ. ඇත්තෙන්ම ස්වයං වින්දනයය ශාරීරිකව වගේම මානසිකවත් සෞඛයයට හිතකරයි.
ස්වයං වින්දනය මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වීමට හෝ ගැබ් ගැනීමක් සදහා ඉඩක් නැති නිසා එය ආරක්ෂිත ලිංගික හැසිරීමක් ලෙස හදුන්වන්න පුළුවන්.
ස්වයං වින්දනයේ යෙදෙන්නේ කිවුද?
බෙහෝ දෙනෙක් ස්වයං වින්දනය ගැන විවෘතව කතා කිරීමට සහ ඒ ගැන තොරතුරු සෙවීමට මැලි වනවා. ඒ ස්වයං වින්දනය වටා ගෙතුනු වැරදි මත සහ ලැජ්ජාව නිසායි.
ස්වයං වින්දනය ඉතාම පෞද්ගලික දෙයක්. ස්ත්‍රී, පුරුෂ, සංක්‍රාන්ති මේ සෑම සමාජභාවයකටම අයත් අය ස්වයං වින්දනයේ යෙදෙනවා. සෑම දවසකම ස්වයං වින්දනයේ යෙදෙන අයත් සිටිනවා, දින කිහිපයකට වරක් ස්වයං වින්දනයේ යෙදෙන අයත් සිටිනවා, ඉද හිට ස්වයං වින්දනයේ යෙදෙන අයත් සිටිනවා. ස්වයං වින්දනයේ යෙදෙන වාර ගණන, එක කළ යුතු ආකාරය ගැන නියමයන් නැහැ.