OnlyFans Crushes Apple and Nvidia to Become the World's Most R | මහාවංශය 2.0 - Mahavanshaya 2.0
OnlyFans Crushes Apple and Nvidia to Become the World's Most Revenue Efficient Company
Apple, Nvidia වැනි දැවැන්ත සමාගම් පරදවමින්, "OnlyFans" ලොව වඩාත්ම ආදායම් කාර්‍යක්ෂමතාව සහිත සමාගම බවට පත්ව තිබේ.
මෙයින් අදහස් වන්නේ එක් සේවකයෙකුගෙන් උපයන ආදායම අනුව OnlyFans සමාගම Apple සහ Nvidia වැනි තාක්ෂණික දැවැන්තයින්ට වඩා ඉදිරියට පැමිණ ඇති බවයි.
වාර්තා වන පරිදි, OnlyFans සමාගම එක් සේවකයෙකුගෙන් ඩොලර් මිලියන 37.6 ක් පමණ ආදායමක් උපයා ඇත. ඒ හා සැසඳීමේදී, Nvidia සමාගම ඩොලර් මිලියන 3.6ක් සහ Apple සමාගම ඩොලර් මිලියන 2.4ක් ආදායම් උපයා තිබේ.
විශේෂත්වය වන්නේ OnlyFans සමාගමේ සේවක/සේවිකාවන් 42 වැනි කුඩා කණ්ඩායමක් සිටීමයි. OnlyFans සමාගමේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ මොවුන් හරහායි.
මේ ආකාරයට ඉහළ Revenue Efficient එකක් ලබාගැනීමට හේතු වී ඇත්තේ මොවුන්ගේ Business ආකෘතියයි. එනම් මොවුන් සපයන්නේ අදාළ Platform එක පමණක් වන අතර අදාළ Contents නිර්මාණය කරන්නේ මිලියන ගණනක් වන නිර්මාණකරුවන්ය.
වාර්තාවන පරිදි OnlyFans සමාගම සියලු ගණුදෙණු වලින් 20% කොමිස් මුදලක් පමණක් රඳවාගෙන ඉතිරි 80% මුදල නිර්නිර්මාණකරුවන් ට ගෙවනු ලැබේ.